Thursday, March 28, 2024

General line - 0115112241

තිස්ස අත්තනායකට විදෙස්ගතවීමට කොළඹ මහාධිකරණයෙන් අවසර

අධිකරණ වාර්තාකරු




එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට විදෙස් ගතවීමට කොළඹ මහාධිකරණය අද අවසර ලබාදුන්නා. ඒ අනුව ලබන 14 වනදා සිට 24 වනදා දක්වා දින 10 ක කාලයක් ජපානයේ සංචාරය කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද (09) අවසර ලබාදුන් බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ කූඨ ලේඛණයක් ප‍්‍රදර්ශනය කර ජාතීන් අතර සුහදතාව බිද දැමීමට කටයුතු කළ බවට වන නඩුවක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායකගේ විදෙස් ගමන් තහනම් කර තිබුණා.