Thursday, April 25, 2024

General line - 0115112241

රංගන සමුගනියි : පළමු ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ලකුණු 211ක ජයක්

සමන්ත කුමාර




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලකුණු 211කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ, ලකුණු 462ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා දෙවන ඉණිම ලකුණු 250කට සීමා කරමින්. 

මෙම තරගයේ පළමු ඉණිමේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 342ක් රැස් කළ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිමට රැස් කළේ ලකුණු 203ක් පමණයි. 

එංගලන්ත කණ්ඩායම දෙවන ඉණිමේදී කඩුලූ 06ක් දැවී ලකුණු 322ක් රැස් කර සිටියදී සිය ඉණිම අත්හිටවනු ලැබුවා. ශ‍්‍රී ලංකා දෙවන ඉණිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 53ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 45ක් රැස් කළා. පන්දු යැවීමේදී මොයින් අලි ලකුණු 71කට කඩුලූ 04යි. 

මෙම තරගය ශ‍්‍රී ලංකා සුපිරි වමත් දඟපන්දු යවන්නා වන රංගන හේරත්ගේ අවසන් ටෙස්ට් තරගය ද වනවා. 

ශ‍්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම වමත් දඟපන්දු යවන්නා වන රංගන හේරත් මෙම තරගයෙන් ටෙස්ට් ක‍්‍රිකට් පිටියට සමු දුන්නා. ටෙස්ට් තරග 93කට ක‍්‍රීඩා කර ඇති රංගන දවාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 433ක්. කඩුලූ 05 බැගින් දවා ගත් අවස්ථා 34ක් සහ ටෙස්ට් තරගයකදී කඩුලූ 10 බැගින් බිඳ හෙළු අවස්ථා 09ක් ඊට ඇතුළත්. පිතිකරුවෙකු ලෙස ඔහුගෙන් පිත්තෙන් වාර්තා වී ඇති ලකුණු සංඛ්‍යාව 1699ක්.

ටෙස්ට් පිටියට සමුදෙන රංගනට සුබ පැතීම සඳහා කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන ඇතුළු ඔහුගේ සමකාලීන ක‍්‍රීඩකයින් මෙන්ම පාසල් මිතුරන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. එහිදී රංගන හේරත් ක‍්‍රීඩා ලෝලීන් ඇමතුවේ මෙලෙසයි.