Thursday, March 28, 2024

General line - 0115112241

ආණ්ඩුවේ බලය 14 ට පෙර පෙන්වනවා- ඇමති එස්බි

මහේෂ් චතුරංග




14 වනදාට පෙර ආණ්ඩුවේ ශක්තිය රටට පෙන්වන බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා. ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (09) වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

අපි 14 වෙනිදාට පෙර අපේ ආණ්ඩුවේ ශක්තිය පෙන්වනවා. අද හෙට ඇතුලත රටේ වෙනස්කම් එක්ක පෙනේවි මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට 113 දෙනා විතරක් නෙමෙයි 120 කට වැඩිය තියේවි කියලා ඔබලාට බලා ගන්න පුළුවන්. අපි මේ වෙනකොට කට්ටියක් මක්කමට යැව්වා. එයාලා ගිහින් එවි යැයි මෙහිදී අමාත්‍යවරයා කියා සිටියා.

පාර්ලිමේන්තුව කැඳවූ සැණින් ඡන්ද විමසීමක් පැවැත්වීම අත්‍යවශ්‍ය බවට යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් ද අමාත්‍ය 
එස් බී දිසානායක අද අදහස් පළ කළා. ඒ, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි. 

දවස් 11 ක් නිත්‍යානුකුලව කල් තිබ්බේ ජනාධිපතිවරයාට තිබෙන බලතල එක්ක. ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා මාස 02ක් පාර්ලිමේන්තුව කල් තියන්න. යුරෝපා කොමිසම මේ තරම් දුක් වෙන්නේ රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ සුරතලා නිසා වෙන්න ඇති, ඇමතිවරයා කියා සිටියා.