Friday, March 29, 2024

General line - 0115112241

සිංගප්පූරු ගිවිසුම සංශෝධනයට කැබිනට් පත‍්‍රිකාවක්

මහේෂ් චතුරංග




සිංගප්පූරු ගිවිසුම සංශෝධනය කිරීමට අදාළ කැබිනට් පති‍්‍රකාවක් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අදාළ ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සහ මහාචාර්ය ඩබ්ලිව් ඞී ලක්ෂ්මන්ගේ ප‍්‍රධානත්වයෙන් පත් කළ විද්වත් කමිටුව ලබාදීමට නියමිත නිර්දේශ සැලකිල්ලට ගනිමින් එම සංශෝධන ගෙන එන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සිය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ දැනුවත් කිරීම සඳහා රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීයි. දේශීය ආයෝජකයින් දිරි ගන්වන ආයෝජන ප‍්‍රවර්ධන පැකේජයක් ඉදිරි අයවැයෙන් ගෙන ඒමට යෝජනා කරන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙහිදී කියා සිටියා.