Friday, April 19, 2024

General line - 0115112241

රට ස්ථාවර කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි

හේමන්ත කහවලගේ




පාර්ලිමේන්තු විසුරුවා හැරීමේ සූදානමක් පවතින බවට දේශපාලන ක්ෂේත‍්‍රයේ යළි රාවයන් පැතිර යමින් පවතිනවා. 

මේ අතර අද (09) පස්වරුවේ කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන ප‍්‍රකාශ කළේ රට ස්ථාවර කිරීම සඳහා වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්විය යුතු බවයි. 

‘‘ශ‍්‍රී ලංකා ආර්ථිකයේ තෙවසරක ප‍්‍රගතිය සහ අගතිය’’ මැයෙන් අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් රචිත කෘතියක් එළිදැක්වීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණා. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද මෙම අවස්ථාවට එක්ව සිටියා. කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීම සඳහා ජනතාව දැනුවත් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළ යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියේ.