Friday, March 29, 2024

General line - 0115112241

අන්දමන් මුහුදේ අඩු පීඩන තත්ත්වයක් : වැසි තත්ත්වය තව දුරටත්

සමන්ත කුමාර




අන්දමන් මුහුදු ප‍්‍රදේශයේ මධ්‍යම කොටසේ දැනට පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් වර්ධනය වේයැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ සම්බන්ධයෙන් මහජනතාව සහ ධීවර හා නාවික ප‍්‍රජාව අවධානයෙන් කටයුතු කළ යුතු බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. 

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක පැවසුවේ අද (09) රාත‍්‍රියේ සහ හෙට (10) උදෑසන කාලයේ දිවයිනේ ප‍්‍රදේශ රැසකට වැසි ඇති විය හැකි බවයි. 

පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පුද්ගලයින් 27,000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ.