Friday, April 19, 2024

General line - 0115112241

අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

දිනුක් හේවාවිතාරණ




අද (09) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙක් නෙත් නිවුස් වෙත ප්‍රකාශ කර සිටියා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති බව රජයේ මාධ්‍ය විසින් මිට සුළු මොහොතකට පෙර නිවේදනය කරනු ලැබුවා.

මේ අතර  nethnews.lk වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසා සිටියේ අද (09) මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩකඩ ඇති බවයි.