Friday, April 19, 2024

General line - 0115112241

සිය තීන්දුව ගැන ජනමතය විමසිය යුතු බව අගමැති කියයි

සමන්ත කුමාර




තමන් ගත් තීරණය පිළිබඳ ජනතා මතය විමසිය යුතු බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් රචිත ග‍්‍රන්ථයක් එළිදැක්වීමේ අවස්ථාවට අද පස්වරුවේ එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

අපි ආණ්ඩුවක් පෙරළුවා. ඇත්ත වශයෙන්ම මේ දේ කලේ මේ රට යන විනාශය දිහා බලලා දේශපාලන වශයෙන් හෝ වෙනත් ආකාරයෙන් මතවාද වලින් ගැටෙමින් ඉන්නවද එහෙම නැත්නම් මේ විනාශය නතර කරන්න අපේ යුතුකමක් තියනවා කියලා අපිට හැගීමක් තිබුනා. එක් තානාපතිවරයෙක් සමහර  විදේශිකයින් කිහිප දෙනෙක් අපෙන් අහනවා ඇයි මාස 05-06ක් ඉවසන්න බැරි උනේ කියලා. අපි තව මාසයක් ඉවසුවා නම් මේ රටේ ගන්න දෙයක් නැති වෙනවා. ඒ වගේම තමයි අපි මේ ගත්ත තීරණය හරිද වැරදිද කියලා ජනතාව ඉදිරියේ තබලා දැන ගන්න ඕනේ. ඒ නිසා මගේ පෞද්ගලික අදහස අපි ඉක්මනටම ජනතාව ඉදිරියට යායුතුයි කියලයි, අගමැතිවරයා ප්‍රකාශ කර සිටියා.