Friday, March 29, 2024

General line - 0115112241

පාර්ලිමේන්තු මහ මැතිවරණය ජනවාරි 05 : නාමයෝජනා භාර ගැනීමේ අවසන් දිනය නොවැම්බර් 26

සජිත් තිලකරත්න/සමන්ත කුමාර/ දිනුක් හේවාවිතාරණ




පාර්ලිමේන්තුව ඊයේ (09) මධ්‍යම රාත‍්‍රියේ විසුරුවා හැරුණා. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් පත‍්‍රයක් ම`ගින්. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවේ ‘‘02 - ඈ’’ අනු ව්‍යවස්ථාව සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 62 වන ව්‍යවස්ථාවේ ‘‘ 02’’ අනු ව්‍යවස්ථාව සම`ග කියවිය යුතු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ ‘‘05’’ වන අනු ව්‍යවස්ථාව යටතේ පැවරී ඇති බලතල ප‍්‍රකාරව හා 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ විධි විධාන අනුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බවයි එහි දැක්වෙන්නේ. 

මේ අනුව මහ මැතිවරණය 2019 ජනවාරි මස 05 වෙනිදාට පැවැත්වීමට තීරණය කර ඇත. අභිනව පාර්ලිමේන්තුව ජනවාරි මස 17 වෙනිදා රැස්වීමට තීරණය කර ඇති බවයි එම ගැසට් නිවේදනය මගින් නිවේදනය කර තිබෙනවා.

එමෙන්ම නාම යෝජනා භාර ගැනීමේ නොවැම්බර් මස 19 වෙනිදා ආරම්භ කර නොවැම්බර් 26 වෙනිදා දහවල් 12ට අවසන් කළ යුතු බවයි එම ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.