Friday, March 29, 2024

General line - 0115112241

ජනතාවට තීන්දුවක් ගැනීමට ඉඩ දිය යුතුයි - අගමැති

දිනුක් හේවාවිතාරණ




මහ මැතිවරණයකින් ජනතාවගේ කැමැත්ත අනුව ස්ථාවර රටක් බිහිවනු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු සිය නිල ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මේ බව සදහන් කර සිටිනවා.

" නායකයෙක් වශයෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට සිය අදහස ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දිම වගකීමක් බවයි" මෙහිදී අගමැතිවරයා වැඩිදුරත් කියා සිටියේ.

මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂද ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටින්නේ " ජාතියක ඉරණම තීරණය කරනු ලබන්නේ ජනතාවයි. ප්‍රගතිශීලි සන්ධිස්ථානයකදී ජනතාවට සිය අව්‍යාජ බලය ස්ථාවරය පෙන්වීමට හැකියි. මම විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ ජනතාව නිවැරදි තේරීම සිදුකරනු ඇති කියා".