Saturday, April 20, 2024

General line - 0115112241

සුගතදාස ක්‍රීඩාංගණය ගැන බලාපොරොත්තුවක්




ජාත්‍යන්තර ප‍්‍රමිතියෙන් යුත් කී‍්‍රඩාංගණ නොමැතිවීමෙන් මෙරට මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මේ වනවිට දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණය මෙන්ම දියගම මහින්ද රාජපක්‍ෂ කී‍්‍රඩාංගණයද මේ වනවිට පවතින්නේ කී‍්‍රඩා කිරීමට නොහැකි මට්ටමේයි.

කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණය සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා සහ සුගත් තිලකරත්න වැනි දක්‍ෂ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් බිහි කළ කී‍්‍රඩාපිටියක්.

මේ වනවිට එම කී‍්‍රඩාංගණයේ කෘතීම ධාවන පථයද අබලන් තත්ත්වයේ පවතිනවා. පරිසාධන මට්ටම ඉක්මවමින් ඔලිම්පික් වරම් දිනූ හෙල්ල විසි කිරීමේ ශූරයා වූ සුමේධ රණසිංහගේ පුහුණුකරු වන ප‍්‍රදිප් නිශාන්ත සුගතදාස කී‍්‍රඩාංගණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ ක්‍රීඩකයින්ගේ ඉලක්කයන් කරා යෑමට මෙම ක්‍රීඩාංගණ අත්‍යාවශ්‍ය බවයි.

සුගතදාස කී‍්‍රඩාංගණයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන්නේ කවදාදැයි නෙත් නිවුස් කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර ගෙන් විමසා සිටියා. එහිදී ඔක්තෝම්බර් මාසය වනවිට සුගතදාස කී‍්‍රඩාංගණයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදුකර අවසන් කරන බව කී‍්‍රඩා අමාත්‍යාවරයා පැවසුවා.