Friday, April 26, 2024

General line - 0115112241

බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කොදෙව්වන් හමුවේ අසරණ වෙයි

සමන්ත කුමාර




ලෝක කුසලාන පන්දුවාර විස්ස කාන්තා ක‍්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 60 ක ජයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය හිමිකර ගත් බංග්ලාදේශ කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායමයි. ඔවුන් නියමිත පන්දුවාර 20 තුලදී කඩුලු 8 කට ලකුණු 106ක් ලබා ගනු ලැබුවා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවන් පන්දුවාර 14.4කදී සියළු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 46ක් පමණයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පන්දු යවන්නියක් වන ඩෙන්ඩ්රා ඩොටින් විස්සයි 20 තරග ඉතිහාසයේ හොදම පන්දු යැවීම වාර්තා කරනු ලැබුවා. ඇය ලකුණු 05 කට බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු 6ක් දවා ගනු ලැබුවා.

මේ අතර මෙම තරගාවලියේ ඊයේ පැවති තරගයකින් නවසීලන්ත කාන්තා කණ්ඩායම පරාජය කළ ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 34ක ජයක් වාර්තා කළා.