Saturday, April 20, 2024

General line - 0115112241

කැලිෆෝනියාවේ දරුණු ගින්නක් : ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නිවෙස් අත්හැර යයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




අමෙරිකාවේ උතුරු කැලිෆෝනියාවේ හටගෙන තිබෙන දරුණු ලැව් ගින්නක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 09 දෙනෙක් මියගොස් තවත් 35 දෙනෙක් අතුරුදහන්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මෙම ලැව් ගින්න නිසා දකුණු කැලිෆෝනියා ප්‍රාන්තයේ නිවස දහස් ගණනක් අනතුරට මුහුණ පා ඇති අතර මලිබු හි පදිංචිව සිටින සියළුම නගරවැසියන් ඉවත් කිරීමට ආපදා සහන සේවකයින් පියවර ගෙන තිබෙනවා.

මෙම සති අන්තයේදී ඇතිවිය හැකි සුළං ප්‍රවාහයත් සමග තත්ත්වය මිට වඩා දරුණු විය හැකි බවයි කාලගුණ බලධාරීන් සදහන් කරන්නේ. අමෙරිකානු ඉතිහාසයේ වාර්තාවූ දරුණුතම ලැව් ගිනි තත්ත්වයක් ලෙස මෙය එරට බලධාරීන් හදුන්වා තිබෙනවා.

මෙම ලැව් ගින්න හේතුවෙන් කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචි පුද්ගලයින් ගෙන් තුන් ලක්ෂයක පමණ ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි එරට බලධාරීන් පියවර ගනු ලැබුවේ.

මෙම ලැව් ගින්න නිසා කලිෆොනියාවේ වෙරළ කළාපය ආශ්‍රිතව ජිවත්වන ධනවත් ප්‍රභූ පුද්ගලයින් සහ සිනමා නළු නිළියන් රැසකගේ නිවාස වලටද තර්ජණ එල්ලවී ඇත. අනතුරට පත්ව ඇති පුද්ගලයින් සහ වන සතුන් ගලවා ගැනීමට සහන සේවකයින් දැඩි වෙහෙසක් ගනිමින් කටයුතු කරන අතර ගිනි නිවීමේ සේවකයින් ගින්න පාලනය කිරීමට දැඩි උත්සහයක් දරමින් සිටියි.

ඇතිවී තත්ත්වය සැලකිල්ලට ගනිමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට අද අවසර ලබාදී තිබෙනවා. 

කැලිෆෝනියා ප්‍රාන්තයේ අක්කර 40,000 කට වැඩි ප්‍රමාණයක් ඇතිවී තිබෙන ලැව් ගිනි හේතුවෙන් තර්ජනයට මුහුණ පා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.