Thursday, March 28, 2024

General line - 0115112241

රනිල් ජනපති - සජිත් අගමැති" දකුණේ විපක්ෂ නායකගෙන් එජාප මැතිවරණ සටනට තීරණාත්මක යෝජනාවක්

ලලිත් චාමින්ද




ඉදිරි මහ මැතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බව දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක තෙන්නකෝන් නිලමේ පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යුතු බවයි.

‘‘රනිල් ජනපති -  සජිත් අගමැති’’ යන සටන් පාඨය යටතේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය මැතිවරණ සටන මෙහෙයවිය යුතු බවටයි ඔහු යෝජනා කර ඇත්තේ.