Saturday, April 20, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව විසුරවාහැරි හේතු මෙන්න - ජනපති ජාතිය අමතමින් කියයි




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පාර්ලිමේන්තුව විසුරවාහැරීමෙන් පසුව පළමුවරට අද (11) ජාතිය අැමතුවා. පසුගියදා විසුරවාහැරි පාර්ලිමේන්තුව තරම් දූෂිත පාර්ලිමේන්තුවක් ඉතිහාසයේ කවදාවත් තිබී නැතැයි ඔහු පවසනවා. 

බලය පෙන්වීමට මන්ත්‍රීවරුන්ගේ වටිනාකම් මිලියන 100 සිට 500දක්වා මිල නියමු වූ බවත්, එය ඉතා කනගාටුදායක තත්ත්වයක් බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා. 

පාර්ලිමේන්තුව විසුරවාහැරීමට හේතුවූ දෙවන කාරනාව, හිටපු කතානායක කරු ජයසූරියගේපක්ෂාග්‍රාහී හැසිරීම ගැන කනගාටුවන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. ආසන 162ක් හිටපු ජනාධිපති දි.මු ජයරත්න මහතා ඉවත්කොට රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමේදී බහුතරය ගැන කතා නොකළ බව ඔහු පවසනවා.

නව අගමැතිවරයෙක් පත්කළ පසු අගමැතිට බහුතරය ඇතිදැයි පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේ විමසීමේ පාර්ලිමේන්තු සම්ප්‍රධායක් නැති බවත්, ස්ථාවර නියෝගවල සඳහන් නොවන බවත් ජනාධිපතිවරයා පවසනවා.

පාර්ලිමේන්තුව විසුරවා නොහැර 14දා පාර්ලිමේන්තුව රැස් කළේනම් මරණ පවා ඇතිවිය හැකිව තිබූ බවත්, සාමය ආරක්ෂා කරමින් රටේ ගැටුම් තත්ත්වයන් ඇති වීම වළක්වමින් පාර්ලිමේන්තුව විසුරවා ප්‍රජාතන්ත්‍රවාදීව මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණ කළ බවත් ජනාධිපතිවරයා පවසනවා.  

මැතිවරණය සඳහා සාමකාමීව නීතියට අනුව සහය දෙන්නැයි ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. හිටපු මැති ඇමතිවරුන් සතු අමාත්‍යාංශවලට අයත් වාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත භාර දෙන ලෙසත්, එසේ නොකරන්නේනම් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.