Tuesday, April 23, 2024

General line - 0115112241

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ අද සිට සීමා




යෝජිත නව කැලණි පාලමේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ අද (12) සිට සීමා කෙරෙනවා. ඒ අනුව පෑලියගොඩ අන්තර් හුවමාරුව හරහා කැලණි පාලම අතර මාර්ගයේ කොටසක් අද සිට නැවත දැනුම් දෙන තුරු වසා තැබෙනු ඇති. 

කොළඹ - නුවර මාර්ගයේ සහ කොළඹ - පුත්තලම මාර්ගයේ සිට අධිවේගී මාර්ගය හරහා කොළඹ දෙසට ගමන්ගන්නා වාහන පෑලියගොඩ අන්තර් හුවමාරුවෙන් ඇතුළු වීම නතර කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවා. කොළඹ සිට කැලණි පාලම ඔස්සේ අධිවේගී මාර්ගය හරහා පෑලියගොඩ හුවමාරුවෙන් කොළඹ - නුවර මාර්ගයට හා කොළඹ - පුත්තලම මාර්ගයට පිවිසීම ද තාවකාලිකව නතර කිරීමටයි පියවර ගෙන ඇත්තේ. 

කෙසේවෙතත් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ගමන්ගන්නා රථ වාහන සඳහා සහ කොළඹ - නුවර හා කොළඹ - පුත්තලම මාර්ගවල ගමන් ගන්නා වාහන සඳහා කිසිදු අවහිරයක් නොමැති බව පොලිසිය සඳහන් කළා.