Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රීලනිපය සන්ධානයකට අතවනයි

තරංග රුක්ෂාන්/ සජිත් තිලකරත්න




ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූ පිරිස් ද එකතු කර ගනිමින් පුළුල් සන්ධානයකින් මැතිවරණයට ඉදිරිපත් වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා පවසනවා.

ඒ, නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින්. 

කුමන පුද්ගලයින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක් වුවද තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බවයි හිටපු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා කියා සිටියේ. 

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා ද ඇතුළත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ කිහිප දෙනෙකුම මේ වනවිටත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වී අවසන්. ලක්ෂ්මන් යාපා අබේවර්ධන, චන්දිම වීරක්කොඩි, අනුර ප‍්‍රියදර්ශන යාපා, සුසන්ත පුංචි නිලමේ, ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න, සුසිල් පේ‍්‍රමජයන්ත් සහ සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ ද ඒ අතරට අයත්. 

කෙසේවෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා නොගන්නා බවයි අමාත්‍ය එස්. බී. දිසානායක ද ප‍්‍රකාශ කළේ. අමාත්‍ය දයාසිරි ජයසේකර ද ප‍්‍රකාශ කර ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තමා තවදුරටත් කැපවන බවයි.