Wednesday, April 24, 2024

General line - 0115112241

රාජ්‍ය සම්පත් භාර නොදෙන අයට වෙන දේ ජනපති කියයි

තරංග රුක්ෂාන් ජයසේකර




ජනාධිපති, අගමැති හා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් හැර වෙනත් කිසිදු මහජන නියෝජිතයෙකුට මැතිවරණ සමයේ රජයේ වාහන සහ රජයේ දේපල භාවිත කිරීම තහනම් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසුවා.

ඒ, ඊයේ (11) රාත‍්‍රියේ ජාතිය අමතමින් විශේෂ ප‍්‍රකාශයක් සිදු කරමින්. 

නීත්‍යානුකූල ලෙස රාජ්‍ය සම්පත් භාර නොදෙන  ඕනෑම පුද්ගලයෙකුට එරෙහිව පියවර ගැනීමට සිදුවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් මැතිවරණ කොමිසමට පූර්ණ සහය ලබාදෙන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා. 

මැතිවරණ සමයේ ගැටුම් ඇති නොකර ගනිමින්, සාමකාමීව සහ අවබෝධයෙන් කටයුතු කරන ලෙසටයි ජනාධිපතිවරයා සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ.