Thursday, April 25, 2024

General line - 0115112241

"මැතිවරණය කල් යයිද?" - මැතිවරණ කොමිසමේ සභාපති දුන්න උත්තරය මෙන්න

තරංග රුක්ෂාන්/ සජිත් තිලකරත්න




පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව පාර්ශ්ව රැසක් අද (12) දිනයේ අධිකරණයට යාමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ද ඒ අතරට අයත්.

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රකාශ කළේ පවතින ගැටළුවට උපරිමාධිකරණය හරහා විසඳුමක් ලැබෙනු ඇති බවයි. අධිකරණයට ගියද මැතිවරණය සඳහා සූදානම් වන බවයි එක්සත් ජාතික පක්ෂය අවධාරණය කළේ. 

ජනතා විමුක්ති පෙරමුණ ද අද දිනයේ අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කිරීමටයි නියමිතව ඇත්තේ. එහි ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මේ බව සඳහන් කළා. 

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ද පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔස්සේ මීට විසදුමක් ලබාගැනීමට අපේක්ෂා කරන බවයි. පක්ෂ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාවුෆ් හකීම් කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය නීති විරෝධි බවයි. 

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් නායකත්වය දරන සමස්ත ලංකා ජනතා කොංග‍්‍රසය ද ජනාධිපතිවරයාගේ තීරණයට එරෙහිව අධිකරණයට යාමටයි තීරණය කර ඇත්තේ. 

අධිකරණයට යාම හේතුවෙන් මැතිවරණය කල් යනු ඇත්දැයි නැගු ප‍්‍රශ්නයකට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය ලබාදුන්නේ මෙවන් පිළිතුරක්.

එහිදී  "තහනම් නියෝගයක් දුන්නොත් අපිට ඒ වෙලාවෙම වැඩේ නවත්තන්න පුළුවන්. නමුත් තහනම් නියෝගයක් නොදී මේක කරගෙන යන්න වුනෝතින් එතකොට කාලය නැති වෙනවා. ඒ නිසා තහනම් නියෝගයක් ලැබෙන තෙක් ඒ කාර්යය කරගෙන යන්න අපේ නිලධාරීන් බැඳිලා ඉන්නවා." යනුවෙන් සඳහන් කළා.