Saturday, April 20, 2024

General line - 0115112241

ලොවේම අවධානය ගත් ස්ට්‍රෝබෙරි තුළ ඉඳිකටු සිද්ධියට කාන්තාවක් අත්අඩංගුවට

තරංග රුක්ෂාන් ජයසේකර




ස්ට්‍රෝබෙරි තුළින් ඉදි කටු සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්  ඕස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

50 හැවිරිදි ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ක්වින්ස්ලන්ඞ් ප‍්‍රාන්තයේදීයි.

ස්ට්‍රෝබෙරි තුළින් ඉදිකටු හමුවීමේ සිද්ධීන් ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට වාර්තා වුණා.

මේ දක්වා ඉදිකටු හමුවීමේ සිද්ධීන් සියයකට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි  ඕස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා කළේ. ලොව පුරා දැඩි කතාබහක් ඇති කළ එම සිද්ධිය පිළිබඳ එරට රජය විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කළා.