Thursday, April 25, 2024

General line - 0115112241

පරාජයට බියේ එජාපය මැතිවරණය කල් දමාගන්න හදනවා - ජි එල් පිරිස්

මහේෂ් චතුරංග




පාර්ලිමේන්තු මැතිවරණය වළක්වා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් සිටින්නේ ඔවුන් මහජන මතයට බිය වී සිටින නිසා බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පවසනවා. මේ, එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස්.

මේ අතර එක්සත් ජාතික පක්ෂය දැන් නැවත වරක් නායකත්ව අර්බුධයකට ද මුහුණ දී සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහික අබේගුණවර්ධන පවසනවා.  එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා ගැනීම සඳහා කිහිප දෙනෙකුම සටනක යෙදී සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද (12) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කෙරුණා.