Thursday, April 25, 2024

General line - 0115112241

මෛතී‍්‍ර, මහින්ද සාකච්ඡාවෙන් පසු පක්ෂ නායක හමුවක් අද රෑ

හේමන්ත කහවලගේ




ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් අතර රැස්වීමක් අද (12) රාති‍්‍රයේ පැවැත්වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පස්වරු 07.30ට පමණ මෙම සාකච්ඡාව ආරම්භ වනු ඇති. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් එහිදී දීර්ග වශයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි පැවසුවා. 

මේ අතර අද පෙරවරුවේ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතරද සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී එළඹි එකගතා පිලිබඳවද අද රාති‍්‍රයේ පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී තවදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති.