Wednesday, April 24, 2024

General line - 0115112241

රාජිත දේදුනු සන්ධානයක් ගැන බලාපොරොත්තු දල්වයි

සජිත් තිලකරත්න




එක් එක් දේශපාලන පක්ෂ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ යුත්තේ කෙසේදැයි දේශපාලන වේදිකාවේ අදත් විවිධ අදහස් පළ වුණා. 

මේ, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර විදුර වික‍්‍රමනායක.

මේ වන විට අපි තීරණය කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ මහත්තයා සමග හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියළු දෙනා පොදුජන පෙරමුණ යටතේ ඉදිරි මැතිවරණයට තරග කරන්න. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන පක්ෂය තමයි පොදුජන පෙරමුණ. ඉතින් ජනතාවට මතක තියන සලකුණ පොහොට්ටුව. අපි පොහොට්ටුව ලකුණ යටතේ ඉදිරියේදී තරග කරන්න සුදානම් බව මෙහිදී ඔහු කියා සිටියා.

අමාත්‍ය විමල් වීරවංශ මේ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසක්.

ඊයේ රාත්‍රියේදී අගමැතිවරයාගේ නිල නිවසේදී සාකච්ජාවක් පැවැත්වුවා. එහිදී අපි තීරණය කළා සියළු දෙනා එකතුවී පොදු ලාංජනයක් යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග කරන්න.

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිලංග සුමතිපාල ද මේ පිළිබඳ අදහස් දැක්වුවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වුණු සන්ධානයක් තමයි හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඉදිරි පැය 24 දී අපි අවසන් තීරණය අරන් ජනතාව හමුවට ඒමට බලාපරොත්තු වනවා.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර අශෝක් අබේසිංහ පැවසුවේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස නම් කර එක්සත් ජාතික පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය යුතු බවයි. 

හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මේ පිළිබඳ දැක්වූයේ මෙවන් අදහසක්.


හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න ද මේ පිළිබඳ අදහස් දැක්වුවා.