Wednesday, April 24, 2024

General line - 0115112241

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව උපකල්පනය කරයි




පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය අත්හිටවූ පමණින් පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාවක් නොමැති බව අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ "ගැසට් නිවේදනය අත්හිටවූ පමණින් ඒ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරන විට අවලංගු වූ මන්ත්‍රිධූරවලට පණ ලැබෙන්නේ නෑ. මේ වෙලා තියෙන්නේ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමක් පමණයි. ඕනම අධිකරණ කටයුත්තකදී බැලූ බැල්මට අධිකරණයට පේනවා නම් යම්කිසි නඩු නිමිත්තක් තියෙනවා කියලා.. ඒ ක්‍රියාදාමය තාවකාලිකව නතර කරනවා. ඊට පස්සේ ගැඹුරින් මේක සාක්ෂි විමසා බලලා ඒ කාරණාව විග්‍රහා කරගෙන යනකොට සමහර විට පේන්න පුළුවන් මේ කටයුත්ත නීත්‍යානුකූලයි කියලා. එතකොට නැවත අර දීපු අතුරු තහනම් නියෝගය අවලංගු කරලා ඒ ගැසට් නිවේදනය බලාත්මක කරනවා. අපි නිකං උපකල්පනය කරමු..06 වැනිදා හෝ 07 වැනිදාට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නොත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට දුන් ගැසට් නිවේදනය වලංගුයි කියලා.. එතකොට මේ කරූ ජයසූරිය මහත්තයාගේ කෝලමට මොකද වෙන්නේ. මන්ත්‍රිකම් නැති මන්ත්‍රිවරුත් එක්ක පාර්ලිමේන්තුව රැස් කරලා මේ මොකක්ද නටන්න හදන්නේ. මේක රටේ නීතිය සමච්චලේට ලක් කිරීමක් නෙමෙයිද කරන්න හදන්නේ. ගැසට් නිවේදනය අවලංගු කිරීමෙන් පමණයි ඒ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු කියලා කොටසක් පාර්ලිමේන්තුවට ගෙන්නන්න පුළුවන්. " යනුවෙනි.