Friday, April 19, 2024

General line - 0115112241

අගමැතිට සහ කැබිනට් මණ්ඩලයට එරෙහිව විශ්වාසභංගයක් භාර දෙයි

ඉෂාර සුපෙම් මානගේ




මහින්ද රාජපක්ෂ මහතාව අගමැති ලෙස පත්කිරීමත් කැබිනට් මණ්ඩලය පත් කිරීමත් ව්‍යවස්ථා විරෝධී සහ නීති විරෝධී කටයුත්තක් බවත් පෙන්වා දෙමින් ඒ නිසා මේ ආණ්ඩුව කෙරෙහි කිසිඳු විශ්වාසයක් නොමැති බව ප්‍රකාශ කරමින් විශ්වාසභංග යෝජනාවක්  ජනතා විමුක්ති පෙරමුණ විසින් කථානායක කරූ ජයසූරිය මහතා වෙත භාර දී තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු සභාව තුලදී බහුතරයකගේ ඡන්ද බලය පාවිච්චි කරමින් මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට බලාපොරොත්තුව වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් කියා සිටියේ.