Friday, March 29, 2024

General line - 0115112241

අගමැතිට එරෙහි විශ්වාසභංගය සම්මතයි -පා.ම. කිරිඇල්ල : ජන්ද විමසීමක් උනේ නැහැ- අමාත්‍ය අනුර ප්‍රියදර්ශන




පාර්ලිමේන්තුවේ හඬ අනුව සිදුකරන ලද ජන්ද විමසීමට අනුව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයට බහුතරය නොමැති බව පවසමින් කතානායක කරු ජයසුරිය මහතා හෙට (15) උදැසන 10 දක්වා පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවා.

අගමැතිවරයාට සහ නව කැබිනට් මණ්ඩලයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙනා විශ්වාසභංග යෝජනාව පාර්ලිමෙන්තුවේ හඬ අනුව සම්මත වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාඨලී චම්පික පවසා සිටිනවා.

මේ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටින්නේ අද දිනයේදී කිසිදු ජන්ද විමසීමක් සිදු නොවූ බවත් පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ස්ථාවර නියෝග අනුව සිදුනොවූ බවයි.