Saturday, April 20, 2024

General line - 0115112241

'එජනිස' විරෝධය පළ කරයි

කසුන් කැළුම්/ පසන් වික්‍රමතිලක




හඬ සහ ඇසට පෙනෙන දර්ශනය අනුව ආණ්ඩුවට බහුතරය නොමැති බවට කථානායකවරයා කළ ප‍්‍රකාශයට එක්සත් ජනතා නිදහස් සන්ධානය විරෝධය පළ කරනවා.

ඒ පිළිබඳ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනෙෂ් ගුණවර්ධන මාධ්‍ය වෙත අදහස් දැක්වමින් විරෝධය පළ කළා. එහිදී සඳහන් කෙරුණේ කථානායකවරයා සිරකරුවෙකු වී ඇති බවයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩබ්ලිව්. ඞී. ජේ. සෙනෙවිරත්න ද මෙහිදී අදහස් පළ කළා.

පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටතට පැමිණි විජිත් විජයමුණි මන්ත‍්‍රීවරයා ද මෙහිදී අදහස් පළ කළා. ඔහු සඳහන් කළේ තමාට පක්ෂ දේශපාලනයක් ඇති බවත් ඉදිරියටත් හෘද සාක්ෂියට අනුව දේශපාලනයේ නිරත වන බවයි.