Friday, April 26, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් මීලඟ "යු ආර් අ ලීඩර්" වැඩසටහන හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේදී




ලංකා බැංකුව සමග එක්ව නෙත් එෆ් එම් මාධ්‍ය ආයතනය විසින් සංවිධානය කරනු ලබන "යු ආර් අ ලීඩර්" නායකත්ව හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ මීළඟ අදියර මේ මස 23 වෙනිදා සිට 26 වෙනිදා දක්වා හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේදී පැවැත්වීමට සියළු කටයුතු සුදානම් වෙමින් පවතී.

පාසැල් සිසු සිසුවියන් තුල නායකත්ව ලක්ෂණ ඉදිරියට ගෙන ඒම සදහා නෙත් එෆ් එම් මාධ්‍ය ආයතනය ජාතියේ නාළිකාව වශයෙන් සිදුකරනු ලබන මෙම වැඩසටහන් මාළාව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ඉල්ලක්ක කර ගනිමින් සිදුකරනු ලබනවා.