Thursday, April 25, 2024

General line - 0115112241

ක්‍රිකට් තරුවක් පොදුජන පෙරමුණේ සමාජිකත්වය ගනියි

කසුන් කැලුම් / ලහිරු කපුගේ




ශී‍්‍ර ලංකා හිටපු ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩක තිලකරත්න ඩිල්ෂාන් අද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා. ඒ, බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පෙරමුණේ කාර්යාලයේදීයි. එහිදී තිලකරත්න ඩිල්ෂාන් හිටපු පාර්ලිමේන්තු ජයන්ත කැටගොඩ අතින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා.

අනතුරුව තිලකරත්න ඩිල්ෂාන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාද මුණ ගැසී තිබෙනවා. ඒ, විජයරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේදීයි. ඉදිරි මහ මැතිවරණයේදී තිලකරත්න ඩිල්ෂාන් ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් තරග වැදීමට නියමිත බවයි දේශපාලන ආරංචි පැවසුවේ.