Friday, April 26, 2024

General line - 0115112241

රනිල් තවමත් අරලියහග මන්දිරයේ ඉන්න හේතුව මෙන්න




රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් අරලියගහ මන්දිරයේ රැදී සිටින්නේ මන්දැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන පිළිතුරු ලබාදුන්නා.

ඒ, ඊයේ (14) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදීයි.

එහිදී "එතුමා මේ අවුරුද තුනහාමාරටම එක රැයක් ඔය අරලියගහ මන්දිරයේ නිදාගෙන නෑ. එතුමා තමන්ගේ නිවසේ පාරම්පරික ඇඳේ බුදියන කෙනෙක්. ඒ පාරම්පරික ඇඳේ බුදියන රනිල් වික්‍රමසිංහ මහත්තයා 26 වැනිදා මාත් එක්කයි වාහනේ ආවේ ගාල්ලේ ඉඳලා.  ඇවිල්ලා අරලියගහ මන්දිරයේ නැවතුනා..අදටත් දවස් 18ක් බුදියනවා..ඇයි ජාතික ත්‍රස්තවාදී වැඩක් කරපු නිසා. වෙන නායකයෙක් නම් මෙලහකට දාලා ගිහිල්ලා. එතුමා ඔතනින් යන්නේ අගමැති පුටුවට හෝ ජනපති පුටුවට මිසක් වෙන පුටුවකට නෙමෙයි කියලා මට සහතික වෙන්න පුළුවන්." යනුවෙන් සඳහන් කළා.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.