Saturday, April 20, 2024

General line - 0115112241

අසුනෙන් නැගිට ගිය කථානායක පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

හේමන්ත කහවලගේ




පාර්ලිමේන්තුවේ කටයුතු මේ වනවිට නතර වී තිබෙනවා.

ඇති වූ නොසන්සුන්තාව අවස්ථාවේදී කථානායක කරූ ජයසූරිය මහතා සභාවෙන් පිටව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ සමග වේත‍්‍රධාරිවරයා විසින් සෙංකෝලයද සභාවෙන් බැහැරට රැගෙන ගියා.

ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීමක් පැවැත්වෙනවා. කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්‍ෂවල නියෝජිතයන් ඊට සහභාගි වී සිටින බවද දේශපාලන ආරංචි පැවසුවා.