Thursday, March 28, 2024

General line - 0115112241

විපක්ෂය අදම ඕන කිව්ව අපි බැහැ කිව්වා - පාර්ලිමේන්තුවේ කලබගෑනිය ගැන වාසු කියන කතාව

සජිත් තිලකරත්න




"විපක්ෂයේ අය විශ්වාසභංග යෝජනාව ගැන නමින් ඡන්ද විමසීම වහාම ගමු කියල යෝජනා කළා. අපි ඒකට විරුද්ධ වුණාම එයාල අදම මේක කරමු, නැත්නම් හෙට, නැත්නම් සඳුදා ගමු මෙන්න මේ වගේ නොයෙක් යෝජනා ගෙනාවා. අපි එයට එකඟ වුණේ නැහැ. විශ්වාසභංගයක් ගෙන එනවනම් එය නියමිත ක්‍රියා පටිපාටිය අනුව බාරදීලා, න්‍යාය පුස්ථකයට ඇතුළත් කරල, නියමිත කාලය අරගෙන විවාදයක් පවත්වලා ඡන්ද විමසීමක් කරන්න පුළුවන්. අපි එයට එකඟයි. නමුත් ඒ කියන විදියට කඩිමුඩියේ ඒක කළ නොහැකියි." පාර්ලිමේන්තුව තුළ ඇතිවූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍ය වාසුදේව නානායක්කාර අදහස් දක්වමින් එසේ පැවසුවා.