Saturday, April 20, 2024

General line - 0115112241

මහින්දට එරෙහි 122 ත් අරන් කථානායක ජනාධිපති හමුවෙන්න යන්න හදලා

දිනුක් හේවාවිතාරණ




ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කථානායක කරු ජයසුරිය වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කරනවා. 

මෙහිදී  මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 122 දෙනෙක් විරුද්ධව සිටින බවට කථානායකවරයා විසින් ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවත් අවශ්‍ය නම් එම පිරිස සමග ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණීමට හැකි බව දැනුම්දී ඇති බවයි ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා මෙහිදී කියා සිටියේ. 

එයට පිළිතුරු වශයෙන් ජනාධිපතිවරයා කියා ඇත්තේ 122 දෙනෙක් අරන් ඒමට අවශ්‍ය නැති බවත් 15 දෙනෙක් සමග පැමිණ තමන් හමුවන ලෙසයි. ඒ අනුව අද සවස ජනාධිපතිවරයා මුණගැසීමට නියමිත බව මන්ත්‍රිවරයා කියා සිටියා.

මන්ත්‍රිවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්ය.