Friday, April 19, 2024

General line - 0115112241

මොරගහකන්ද පිරෙන්න ළං වෙයි (PHOTOS)

ඉන්දික අරුණ කුමාර 




රුපියල් කෝටි විසි එක්දහසක වියදමින් ඉදිකරන ලද, මහවැලි යෝජනාක්‍රමයේ අවසන් ව්‍යාපෘතිය වන මොරගහකන්ද  ජලාශයේ ජල  මට්ටම 84%ක් පිරි ඇතැයි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා අංශය පවසනවා.  මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාධ්‍යවේදින් කැඳවමින්, එහි මහජන සම්බන්ධතා නිලධාරි පී.ජී. දයානන්ද ඊයේ (15) මේ බැව් කියා සිටියා.

මොරගහකන්ද ජලාශයේ සම්පූර්ණ ධාරිතාව  අක්කර අඩි 4,60,000. ජලාශයට සමගාමීව ඉදිවන ඉහළ ඇලහැර ව්‍යාපෘති ඇළ මහකනදරාවව දක්වා ඉදිවන අතර ඉහි දිග කිලෝමීටර් 94 කි. පාරිසරික අවශ්‍යතාවන් පිළිබඳ සලකා මෙම උමං මාර්ගය කිලෝමීටර් 26 ක් භූගත උමං මාර්ගයක් ඔස්සේ ජලය ගෙනයාමට කටයුතු යොදා ඇති බව ද මහජන සම්බන්ධතා නිලධාරිවරයා මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියා.

මොරගහකන්ද   -  කළු ගඟ වාරි ව්‍යාපෘතිය මගින් ඉහළ ඇලහැර ව්‍යාපෘතිය යටතේ කුඩා වැව් 1200 ක්, වයඹ ඇල හරහා කුඩා වැව් 303 ක්, මැදිරිගිරිය සංවර්ධන ප‍්‍රදේශය තුළ කුඩා වැවි 31 ක් හා මාතලේ - ලග්ගල ප‍්‍රදේශයේ කුඩා වැව් 13 ක් ද සංවර්ධනය කෙරෙනවා. 

මාධ්‍ය හමුවට එක්වු මොරගහකන්ද ව්‍යාපෘතියේ කාර්යභාර ඉංජිනේරු ඞී.එස්. බණ්ඩාර මෙලෙස අදහස් දැක්වූවා. ”දැනට ජලාශයේ උපරිම ජල මට්ටමට මීටර් තුනක් අඩුවෙන් ජලය තියෙනවා. තවත්  ඝන මීටර් මිලියන අනූවක් පමණ පිරෙන්න තියෙනවා. අපිට තව දින 20  කිින් පමණ ජලාශයේ උපරිම ජල මට්ටමට ලඟා වෙන්න පුලූවන් කියලා විශ්වාස කරනවා. මේ වගේ අවස්ථාවක මෝසම් තත්ත්වය සක‍්‍රීය වුනොත් අපිට වාන් දොරටු කඩිනමින් වීවෘත කරන්න වෙනවා. ඒ වගේම ඇලහැර ප‍්‍රදේශයේ කුඹුරු වැඩ සඳහා අවශ්‍ය  වාරි ජලය මේ වන විට අපි නිකුත් කරනවා”