Tuesday, April 16, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුවේ මේ අර්බුදයට ශ්‍රේෂ්ඨාධිකරණයත් වගකිවයුතුයි - ඇමති දයාසිරි කියයි




පාර්ලිමේන්තුවේ මේවනවිට ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වයට ශ්‍රේෂ්ඨාධිකරණයද වගකිවයුතුබව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය, නීතීඥ දයාසිරි ජයසේකර පවසනවා. ඊයේ (16) පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

"ශ්‍රේෂ්ඨාධිකරණයටත් මේ සම්බන්ධයෙන් යම් වගකීමක් තියෙනව. එක්කෝ  ශ්‍රේෂ්ඨාධිකරණය මේ නඩුව කලින් කැඳවලා හරි මේකට විසඳුමක් දීලා ඉවරයක් කරන්න තිබුණා. නැත්නම් මේ සම්බන්ධව සම්පූර්ණයෙන් යම් තීන්දුවක් දෙන්න තිබුණා. මේ තීන්දුවත් එක්ක තමයි මේ සියල්ල සිද්ධ වුණේ. එක්කෝ විසුරවන්න ඕන නැත්නම් පාර්ලිමේන්තුව තියන්න ඕන. දෙකෙන් එකක්. ඒ එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ.  සිද්ධ වෙන්නේ දවසගානේ මේක ඇතුළේ අපි විහිළුවට ලක්වෙන එකයි. ඒ නිසා කරන්න තියෙන්නේ කනගාටුවෙන එක පමණයි." 

අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වූවා.