Friday, April 26, 2024

General line - 0115112241

බහුතරය පෙන්වන්න අවස්ථාව දෙන්න සූදානම් - පාර්ලිමේන්තුවේ සිට ගමට ගිය අගමැති කියූ කතාව

සමන්ත කුමාර/ දිල්ශාන් තුෂාර/ ගුණරත්න ගමගේ




ඊයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා. පාර්ලිමේන්තුවේ ඇතිවූ අස්ථාවරභාවයට ප‍්‍රධානතම හේතුව කතානායකතුමාගේ අත්තනෝමතික, පක්ෂග‍්‍රාහී කි‍්‍රයාකලාපය බවයි එහි දක්වා ඇත්තේ. වහාම මහ මැතිවරණයකට ගොස් ජනමතයට ගරු කරන ස්ථාවර පාර්ලිමේන්තුවක් පත් කර ගත යුතු බවද මහින්ද රාජපක්ෂ මහතා තැබූ ෆේස්බුක් සටහනේ සඳහන්. 

මේ අතර හම්බන්තොට ප‍්‍රදේශයේ පැවැති උත්සවයකදී අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ව්‍යවස්ථානුකූලව බහුතර බලය පෙන්වන්නේ නම්, ඒ සඳහා අවස්ථාව ලබා දීමට තම පාර්ශවය සූදානම් බවයි.

පාර්ලිමේන්තුවේ ඊයේ (16) ඇතිවූ ගැටුමට හේතුවූ කරුණු පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලසයි.