Friday, April 19, 2024

General line - 0115112241

හිටපු අගමැතිගේ ට්විටර් පණිවුඩය

සමන්ත කුමාර




ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ඇතිවූූ සිදුවීම් හුදෙක් පාර්ලිමේන්තු රැස්වීමට සිදු කළ බාධාවක් නොව, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කිරීමක් බව එක්සත් ජාතික පක්ෂයේ නායක 
රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේබව පවසා තිබුණේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ඇතැම් මන්තී‍්‍රවරුන්ගේ් තර්ජන හා බියවැද්දීම් හමුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාවලිය ආරක්ෂා කිරීමට නොබියව කටයුතු කළ කතානායකවරයාට සහ නිර්භීත පොලිස් නිලධාරීන්ට සිය ස්තූතිය පළ කරන බවද රනිල් වික‍්‍රමසිංහ මහතා තැබූ ට්විටර් පණිවුඩයේ සඳහන්.