Friday, April 19, 2024

General line - 0115112241

කෝටි ගණනක රත්තරං ගෙන ආ විදේශිකයෙක් මාට්ටු (PHOTOS)

ටී.කේ.ජී කපිල - කටුනායක




කිලෝ ග‍්‍රෑම් 07යි ග‍්‍රෑම් 212ක බරකින් යුත් ස්වර්ණාභරණ තොගයක් මෙරටට රැගෙන ආ සිංගප්පූරු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 43කට අධික බවයි පොලීසිය පැවසුවේ.

රන් මාල 175ක්, තැලි 88ක්, බ්‍රේස්ලට් 229ක්, වළලූ 16ක් සහ පෙන්ඩන්ට් 06ක් ඒ අතර වන බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.