Friday, April 26, 2024

General line - 0115112241

එළුමස් බුරියානි වෙනුවට බලුමස් බුරියානි: යාපනයේ වැසියෙක් බලුමස් සමග මාට්ටු

දිනසේන රතුගමගේ - වවුනියාව




එළුමස් බුරියානි අලෙවි කරනු ලබන හෝටලයක් වෙත රැගෙන යමින් සිටි සුනඛ මස් කිලෝග්‍රෑම් 150 ක් සමග ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා ගෙන් එක් අයෙකු යාපනයේ, කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව එරට පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

මේ සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි නුවර ජායිපූර් දුම්රිය ස්ථානය අසලදීය.

පොලීසියට ලැබුණු තොරතුරක් මත මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔවුන් පොලීසියට පවසා ඇත්තේ ඔවුන් සේවය කරන ආපන ශාලාවේ එළු මස් බුරියානි සදහා ඔවුන් එළු මස් රැගෙන යන බවයි.

පොලීසිය දිගින් දිගටම කළ ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් රැගෙන යන්නේ බලු මස් බව අනාවරණය වී තිබේ.

ඔවුන් අත් අඩංගුවට ගන්නා ලද අවස්ථාවේදී ඔවුන් දෙදෙනා ළග බලුමස් කිලෝ ග්රෑම් 150 ක් තිබී ඇති අතර ඔවුන් දෙදෙනා සේවය කරණ ආපන ශාලාව පරීක්ෂා කිරීමේදී ශීතකරණ වල දමා තිබූ තවත් බලුමස් කිලෝ 850 ක් පොලීසියට හමු වී තිබේ.

ඉන්දියාවේ රාජස්ථාන් පළාතෙ ''එළුමස් බුරියානී''නමින්ම පවත්වා ගෙන යන ආපන ශාලාවක එළුමස් බව පවසමින් බලුමස් යොදාගෙන කාලයක සිට මේ ජාවාරම කරගෙන යන බව පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

බලුමස් සමග අත් අඩංගුවට ගත් සේවකයින් දෙදෙනා එක් ස්ථානයකින් බලු මස් රැගෙන දුම්රියෙන් අදාල ආපන ශාලාව වෙත මස් ප්‍රවාහනය කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ඔවුන්ව පොලීසියට කොටු වී තිබේ.

මේ ආරංචිය ලැබීමත් සමගම ආපන ශාලාවේ හිමිකරු ආපන ශාලාවෙන් පැන ගොස් ඇති අතර චෙන්නායි පොලීසිය ඔහුව අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට තිබේ.