Friday, April 19, 2024

General line - 0115112241

මාර්තු 12 ව්‍යාපාරයෙන් ජනපතිට සහ මන්තී‍්‍රවරුන්ට චෝදනා

කසුන් කැලුම්




වත්මන් දේශපාලන තත්ත්වයට ජනාධිපතිවරයා සහ සියළු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වගකිව යුතු බව මාර්තු 12 ව්‍යාපාරය අද ප‍්‍රකාශ කළා. ඒ, කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින්.

ඊට එක් වූ එහි කැදවුම්කරු, පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ රටේ ව්‍යවස්ථාදායකය තුළ ඛේදනීය තත්ත්වයක් වර්තමානයේ මතුව ඇති බවයි. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වගකීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවද ඔහු මෙහිදි පැහැදිලි කළා. මෙම තත්ත්වය කඩිනමින් විසදා නොගතහොත් රට තවත් අර්බුදයට ලක්වනු ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.