Friday, April 26, 2024

General line - 0115112241

සෞදි මාධ්‍යවේදියාගේ ඝාතනය ගැන අමෙරිකාවෙන් අනාවරණයක්

කසුන් කැලුම්




මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය කර ඇත්තේ සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඞ් බින් සල්මාන්ගේ නියෝගයකට අනුව යැයි ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශය විශ්වාස කරන බව ඇමරිකානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ, CIA ආයතනයෙන් ලැබී ඇති තොරතුරු අනුව ඝාතනය පිළිබඳ සාක්ෂි විස්තරාත්මකව අධ්‍යයනයකින් අනතුරුවයි.

කෙසේවෙතත්, සෞදි අරාබිය පවසන්නේ මෙය අසත්‍යයක් බවයි. එම ඝාතන සැලසුම පිළිබඳව ඔටුන්න හිමි කුමරු දැන නොසිටි බවයි සෞදි රජය පවසා ඇත්තේ.

මේ අතර අදාළ ඝාතනයට වගකිව යුතු සියලූ දෙනාම නීතිය හමුවට පමුණුවන බවට ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ප‍්‍රතිඥා දී තිබෙනවා . ඔහු මේ බව ප‍්‍රකාශකර ඇත්තේ පැපුවා නිව්ගිනියාවේ සමුළුවකට සහභාගී වී සිටි අතරතුරයි.