Saturday, April 20, 2024

General line - 0115112241

ජනාධිපතිවරයා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි

දිනුක් හේවාවිතාරණ /චම්ලි ඒකනායක




පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් හෙට (18) දිනයේදී සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. මෙම සමුළුව හෙට සවස 5 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තුව තුළ පසුගියදා ඇතිවූ දේශපාලන නොසන්සුන්තාවය සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියළුම දේශපාලන පක්ෂ අතර එකඟතාවයක් ඇති කර ගැනීමේ අරමුණින් මෙම සර්ව පාක්ෂික සමුළුව කැඳවා ඇත.

මේ සඳහා කථානායක කරු ජයසුරිය මහතාටද ආරාධනා කර ඇති බවයි වාර්තා වන්නේ.