Thursday, April 25, 2024

General line - 0115112241

මෙවර සා/පෙළ අපේක්ෂකයන්ට හැඳුනුම්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

නිශාන් ද සිල්වා




මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්‍ෂකයින් සඳහා ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම වෙනුවෙන් විශේෂ දින වෙන් නොකරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පැවසුවේ මේ වනවිට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්‍ෂකයින්ගෙන් සියයට 95 කට පමණ ජාතික හැදුනුම්පත් සකස් කර අවසන් බවයි.

ඉන් තුන් ලක්‍ෂ අනූ දෙදහසක් පමණ බෙදා හැර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

කිසියම් සිසුවෙකු ඉදිරිපත් කළ අයදුම්පතෙහි අඩුපාඩු සම්පූර්ණ කිරීමට දන්වා ඇත්නම් ඊට අවශ්‍ය ලිපි සිය දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙසයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මෙවර ජාතික හැදුනුම්පත් ලබා ගැනීමට ඉදිරිපත් වී ඇති පාසල් අපේක්‍ෂකයින් සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.