Friday, April 26, 2024

General line - 0115112241

වැසි නිසා දිස්ත්‍රික් 03කට නායයෑම් අනතුරු ඇඟවීම්

කසුන් කැළුම්/දිල්ශාන් තුෂාර




පවතින වැසි තත්ත්වය හේතුවෙන් දිස්ති‍්‍රක් 3 කට නායයෑම් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ මහනුවර, නුවරඑළිය සහ කුරුණෑගල දිස්ති‍්‍රක්ක සඳහා එම නායයෑම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇති බවයි.

මහනුවර දිස්ති‍්‍රක්කයේ තුම්පනේ, පහතහේවාහැට ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ නුවරඑලිය දිස්ති‍්‍රක්කයේ වලපනේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙම නායයෑම් අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබෙනවා.

කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ මල්ලවපිටිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටයි.

මේ අතර පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදීත් අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර් සියය ඉක්මවූ වැසිද අපේක්‍ෂා කළ හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.