Tuesday, April 23, 2024

General line - 0115112241

නවතා තිබූ කාර් රථයේ ලක්ෂ 250ක හෙරොයින් 




කොළඹ දිසා දූෂණ මර්ධන වැල්ලවත්ත ඒකකයේ නිලධාරීන්ට ඊයේ (17) ලැබුණු තොරතුරකට අනුව කොටහේන පොලිස් වසමේ ෆැරඩයිස් ක්‍රීඩාංගණය අසළදී සිදු කළ වැටලීමකදී නවතා තිබූ කාර් රථයක් තුළ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 79ක් සහ මිලිග්‍රෑම් 60ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා.

මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 250කට අධික බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට පත් වුණේ ඩිමෙල් වත්ත ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මොහොමඩ් මොහිදීන් අබ්දුල් රහුමාන් නැමැති පුද්ගලයෙක්.

දින 07ක රැඳවුම් නියෝග මත සැකකරුගෙන් ජාවාරම පිළිබඳව  ප්‍රශ්න කිරීමටයි සූදානම් වී ඇත්තේ.