Thursday, March 28, 2024

General line - 0115112241

දැඩි මීදුමෙන් රියදුරන් අපහසුතාවයට (PHOTOS)

මාධව කුලසූරිය




පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් යාපනය නුවර ප්‍රධාන මාර්ගය වව්නියාව ප්‍රදේශයේදී අද (18) උදෑසන දැඩි මීදුම් සහිත තත්ත්වයක් ඇති වී තිබුණා.

රියදුරන් පැවසූවේ වව්නියාව පුලියන්කුලම, වව්නියාව නගරය, ඉරට්ටපෙරියකුලම ආදී ප්‍රදේශයන්ගේ දැඩි මීදුම් තත්වයක් තිබු බවයි.

මීදුම හේතුවෙන් මාර්ගයේ ඉදිරි‍ය නොපෙනන තත්වයක් පැවති බවද පෙන්වා දුන්නා.

වව්නියාව පොලිසිය පැවසූවේ උදෑසන කාලයේ පවතින මෙම දැඩී මීදුම් තත්ත්වය නිසා රියදුරන් වඩාත් සැළකිල්ලෙන් රථවාහන ධාවනය කළ යුතු බවයි.