Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව අසරණ කරමින් එංගලන්තය ජය ගනී (UPDATE)




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ජය මේ වන විට එංගලන්ත කණ්ඩායමට හිමිව තිබෙනවා.

ඒ ලකුණු 57ක ජයක් ලෙසයි.

අද (18) අවසන් දිනයේ පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 10ක් දැවී ලබා ගත්තේ ලකුණු 243ක් පමණයි. 

 

----------------------------------

එංගලන්තය තරගය සියතට ගනී

(18-11-2018 10:12)

 

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (18) අවසන් දිනයේ මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 240ක් ලබා ඉතා අසීරු තත්ත්වයක පසු වනවා.

ලකුණු 301 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ශී‍්‍ර ලංකා කණ්ඩායම වර්ෂාව හේතුවෙන් ඊයේ සිව් වන දිනය අවසන් කරන විට කඩුළු 7 ක් දැවී ලකුණු 226 ක් ලබා සිටියා.

ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගැනීම සඳහා තවත් ලකුණු 61 ක් රැස් කළ යුතු අතර මේ වන විට කඩුළු 09ක් බිඳ වැඩී තිබෙනවා.

ඒ අනුව තරගය ආරම්භයේදී ශ්‍රී ලංකා පිළ අතේ තිබූ ජයග්‍රහණය මේ වන විට කෙමෙන් කෙමෙන් එංගලන්තය දෙසට ඇඳී යන ආකාරයක් දැක ගත හැකි වනවා.