Friday, April 26, 2024

General line - 0115112241

හෙට ගැන සාකච්ඡා කරන්න එජාපය අද රෑ රැස්වෙයි

දිල්ශාන් තුෂාර




එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍ර කණ්ඩායම අද (18) රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා.

ඒ, රාතී‍්‍ර 7.00 ට අරලියගහ මන්දිරයේදීයි.

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්වෙන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර නෙත් නිවුස් වෙත කියාසිටියේ.

හෙට (19) දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සැසි වාරය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවද මන්තී‍්‍රවරයා වැඩිදුරටත් සදහන් කළා.