Wednesday, April 24, 2024

General line - 0115112241

ට්‍රැවල් නෙත් සමග බුද්ධගයා වන්දනාවේ ගිය බැතිමතුන් කඨින පිංකමට එක්වෙයි




ඉන්දියාවේ බුද්ධගයා පුදබිමේ සිදු කෙරෙන කඨින පුණ්‍යොත්සවය අද (18) පස්වරුවේ ආරම්භ කෙරෙනවා.

අද පස්වරු 3.30ට බුද්ධගයා පරිශ්‍රය ආසන්නයේ ඇති බංග්ලාදේශ පංසල ආසන්නයෙන් ආරම්භ කෙරෙන කඨින පෙරහැර මහාබෝධි මහා විහාරය දක්වා ගමන් කරනු ඇති. ශ්‍රී ලංකාව, ඉන්දියාව, තායිලන්තය, බංග්ලාදේශය ආදී රටවල් රැසක බෞද්ධ ජනතාව මේ වන විටත් මෙම පරිශ්‍රයේ විවිධ පිංකම්වල යෙදී සිටින බවයි එහි සිටින නෙත් විශේෂ නියෝජිතයා සඳහන් කරන්නේ.

ඉන්දියාවේ බුද්ධගයා පුදබිමේ සිදු කෙරෙන කඨින පුණ්‍යොත්සවය සඳහා ට‍්‍රැවල් නෙත් සමගින් බැතිමතුන් රැසක්ද එක්ව සිටිනවා.