Thursday, April 25, 2024

General line - 0115112241

ගාල්ල මහ නගර සභාවේත් පිල්මාරුවක්

රවීන්ද්‍ර ලියනගේ - ගාල්ල




ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වූ මන්තී‍්‍රවරුන් 07දෙනා මින් ඉදිරියට එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් පැවැත්වූ විනය කි‍්‍රයාමාර්ග ද අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.  

ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී මෙම මන්තී‍්‍රවරුන් පිරිස එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කර ජයග‍්‍රහණය කළ අතර පසුව බලය පිහිටුවීමේදී ඔවුන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සහය ලබා දුන්නා. ගාල්ල දිස්ති‍්‍රක්කය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රබල දේශපාලඥයින් සමග පැවති සාකච්ඡුාවක ප‍්‍රතිඵලයක් ලෙස මෙම මන්තී‍්‍රවරුන් 07දෙනා අදාළ තීරණයට එළඹ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.